FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවෙන් මෙරටට පුද්ගලාරක්ෂක උපකරණ තොගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකාව විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට පුද්ගලාරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ.

ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමටත් වෛරසය පැතිර යාම වැළැක්වීමටත් මේවා උපකාරි වනු ඇති බව කොළඹපිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සදහන් කළේය.

මෙම ගෝලීය වසංගතයට එරෙහි සටනේදී ඇමරිකාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනට සහයෝගය ලබා දෙන බව ඇමරිකානුතානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.