(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණයෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් විශාල පිරිසක් සමගි ජන බලවේගය සමඟින් එක්වන බවට වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ පවසන ආකාරයට මහ මැතිවරණයෙන් අනතුරුව ඔවුන් මෙලෙස සමගි ජන බලවේගය සමඟින් එක්වනු ඇත.
අනුරාධපුර නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.









