FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසයෙන් ඇමරිකාවේ 85 ක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) –  නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ ජනතාව ඒකරාශී වීමේ කටයුතුවලින් වැලකී සිටිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනතාවට දැනුම් දී තිබේ. 

ඉදිරි දින 15 ක කාලය තුළ අවන්හල් ඇතුළු පොදු ස්ථානවල පුද්ගලයින් 10 කට අධික පිරිසක් ඒකරාශී වීමෙන් වැලකී සිටිය යුතු බවත් , එමෙන්ම සියලු වැඩිහිටි පුද්ගලයින් නිවෙස්වල රැදී සිටියයුතු අතර රැකියා සහ පාසල් කටයුතු නිවෙස්වල සිට සිදුකළ යුතු බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට අමෙරිකාව තුළ එම වෛරස් ආසාදිතයින් 4600 ක් වාර්තා වී ඇත.

වෛරසය ආසාදිත පුද්ගලයින් 85 දෙනෙකු මියගොස් ඇති බවත් වාර්තා වෙයි.