(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉතාලියෙන් සහ දකුණු කොරියාවෙන් පැමිණි 170 කට ආසන්න පිරිසක් නිරෝධායන කටයුතු මග හැර ඇති බවට තොරතුරු පවතින බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
මාර්තු මස පළමු වනදාත් 15 වනදාත් අතර කාලය තුළ යුරෝපය , ඉරානය , දකුණු කොරියාව යන රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ළගම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ ලියාපදිංචි වන්නැයි ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙයි.
මෙම නියෝගයන්ට පටහැනිව කටයුතු කරන පිරිස්වලට එරෙහිව නිරෝධායන නීති යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක අමාත්‍යංශය දන්වා සිටියි.
ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට ලියාපදිංචි වන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමක් සිදු නොවන අතර ඔවුන්ගේ නිවාස තුළදීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලියේ යොදවන බවයි.









