FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වලට භය නැති සජිත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය කියමින් තමන් ජනතාව හමුවීම නැවැත්වීමට සමහරු උත්සාහ කරන බව සජිත් ප්‍රේමදාස මහතා  පැවසීය.

කොරෝනා නොව ඕනෑම අභියෝගයක් ජය ගැනීමට තමන් ශක්තිමත් බව ප්‍රේමදාස මහතා කියා සිටියි.

ඒ අනුව ඊයේ දිනයේ ජනහමු 3 ක් පැවැත්වූ බව ඔහු පැවසීය.

සීත කාමරවල සිට දේශපාලනය කිරීමට තමන් සූදානම් නොමැති බවද ඔහු කියා සිටියේය.

ජනහමුවක් අමතමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කළේය.