FAST NEWS

24×7 Around the Globe

පසුගිය ජනාධිපතිවරණය වන විට සන්ධාන ගිණුමේ තිබු මුදල සුසිල් හෙළි කරයි .

පසුගිය ජනාධිපතිවරණය පැවති අවස්ථාව වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධාන ගිණුම තුළ තිබුණේ රුපියල් දස දහසක මුදලක් පමණක් බව සන්ධානයේ හිටපු මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ස්වාධීන රූපවාහිනියෙන් රුපියල් මිලියන 104 ක දැන්වීම් ප්‍රචාර කර තිබීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි බරපතළ වංචා, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද (30දා) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

පෙරවරු 10.00 ට පමණ එම ස්ථානයට පැමිණි ඇමතිවරයාගෙන් දහවල් 12.00 පමණ වනතුරු ප්‍රකාශ සටහන් කර ගත්තේය.

ස්වාධීන රූපවාහිනියට ලබාදුන් දැන්වීම් සම්බන්ධව තමා කිසිවක් නොදන්නා බවද හෙතෙම පවසා සිටියේය.