FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළෙඳපොළ අදත් විනාඩි 30 කට අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (13) දිනයේත් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු මිනිත්තු 30 ක කාලයකට අත්හිටුවා ඇත. 

S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස කොටස් ගනුදෙනු ස්ව්‍යංක්‍රීයව අත්හිවනු ලැබ ඇත.

අද පෙරවරු 10.02 සිට 10.32 දක්වා මිනිත්තු 30ක කාලයක් සාමාන්‍ය ගනුදෙනු සිදුවී නොමැති බව වාර්තා වෙයි.

මෙම සතිය තුල අවස්ථා 02 කදී මෙලෙස ගනුදෙනු පහළ යාමෙන් කොටස් වෙළඳපල ස්ව්‍යංක්‍රීයව අත්හිටුවී ඇත.