FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශ සියළු පාසල් සහ විශ්වවිද්‍යාල වසා තබන්නැයි නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් එරට සියළු පාසල් සහ විශ්වවිද්‍යාල ලබන සඳුදා සිට වසා තැබීමට පවසා තිබේ.

ඔහු ප්‍රංශ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව ප්‍රකාශ කළේය.

සියවසක් තුළ ප්‍රංශයට ඇති වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදය කොරෝනා වෛරසය වන බව ප්‍රංශ ජනාධිපති අවධාරණය කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් බිද වැටෙන ව්‍යාපාර සඳහා අවශ්‍ය ආධාර රජය මගින් ලබාදීමට පියවර ගන්නා බවයි.