FAST NEWS

24×7 Around the Globe

රුපියල් කෝටි අසූපහක ගුවන්යානයක් මිලදී ගැනීමට යන උතුරේ මහ ඇමති දියණිය

(ෆාස්ට් නිව්ස් |යාපනය) – සෂී පෙරුමාල් මහත්මිය ගුවන් යානයක් මිලට ගැනීමට සූදානම් වන බවට රාවයක් පවතී.

සෂී පෙරුමාල් යනු හිටපු මහ ඇමතිවරයෙකු වන වරදරාජා පෙරුමාල්ගේ දියණියයි.

මීට වසර තුනකට පමණ පෙර සෂි පෙරුමාල් මහත්මිය ඉන්දීය ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු ලෙස බැඳුණාය.

උතුරේ දෙමළ කාන්තාවක් ගුවන් නියමුවරියක් වූ පළමු අවස්ථාව මෙය බවද වාර්තාවේ.

පළාත් සභා ක්‍රමය හදුන්වා දීමත් සමගම උතුරු නැගෙනහිර පළාත් සභාවේ පලමු ප්‍රධාන අමාත්‍යවරයා වූයේ වරදරාජා පෙරුමාල්ය.

පසුව ඉන්දියාවට පලාගිය ඔහු මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ දෙමළ දේශපාලන පක්ෂයක් සාදාගෙන මැතිවරණ කටයුතු වල නිරතව සිටී.

නමුත් ඔහු කිසිදු ව්‍යාපාරයක් සිදු නොකර දේශපාලනය පමණක් සිදු කර වරධරාජා පෙරුමාල්ට දේශපාලන කටයුතු සදහා වියදම් කිරීමට රුපියල් කෝටි ගණනක මුදල් ඇත්තේ කෙසේද යන්නයි.

ඉන්දියානු රුපියල් කෝටි අසූපහකට ගුවන් යානයක් මිලදී ගැනීමට සූදනම් වන්නේ කෙලෙස උපයා ගත් මුදල් වලින්ද යන්න දෙමළ දේශපාලනඥයෝ විමසති.