FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගියාගේ දරුවා නිසා කොළඹ පාසැලක් අසල නොසන්සුන්තාවයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ ආනන්ද විද්‍යාලය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ.

මේවනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගියාගේ දරුවා එම විදුහලේ අධ්‍යාපනය ලබයි.

මේ හේතුවෙන් දෙමාපියන් සිය දරුවන් නැවත නිවෙස්වලට ගෙන යාම සඳහා පැමිණීම නිසා මෙම තත්ත්වය මතුව ඇත.

එම සිසුවා 12 වසරේ අධ්‍යාපනය ලබයි.

ඔහු ඇතුළු නිවසේ පිරිස නිවාස තුළම රඳවා නිරෝධායනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.