FAST NEWS

24×7 Around the Globe

ගාල්ලේ තවත් අපේක්ශකයෙක් රනිල්ට අහිමි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාලු දිස්ත්‍රික්කයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් සිටි මන්ත්‍රීවරුන් ‌දෙදෙනා  වූයේ    වජිර අබේවර්ධන සහ විජේපාල ‌හෙට්ටිආරච්චි යන මහත්වරුන්ය.

නමුත් විජේපාල ‌හෙට්ටිආරච්චි මහතා ‌සජිත් ‌ප්‍රේමදාස මහතාගේ කාර්යාලයට පැමිණ ඒ මහතාට සහාය පළ ‌කොට ඇති බව වාර්තාවේ.

ඒ අනුව එළඹෙන මහමැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබා මහමැතිවරණයට තරග වැදීමට ‌හෙට්ටිආරච්චි මහතා තීන්දු ‌කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වික්‍රමසිංහ මහතාට ඉතිරිව ඇත්තේ වජිර අබේවර්ධන මහතා පමණි.