(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රවී කරුණානායක මහතා සඟවාගෙන සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දිනපතා පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැතිවරයා පවසා තිබෙන්නේ පසුගිය රජය සමයේ සිදු වූ වංචා දූෂණ හෙලිදරව් වනු ඇතැයි යන බියෙන් ජවිපෙ විසින් ඔහු සඟවාගෙන සිටින බවයි.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත වරෙන්තු නිකුත් කර ඇති හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය තවමත් සමත් වී නොමැත.
මේ වනවිට රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කර දින තුනක් ගතවී අවසන්ය.
විපක්ෂයේ සිටියද පසුගිය රජයේ ප්‍රබල භූමිකාවක් ජවිපෙ විසින් රඟ දැක්වූ බවත්, ඒ නිසා එකළ සිදු වූ වංචා දූෂණවලට ජවිපෙ ද වගකිව යුතු බවත් අගමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.









