FAST NEWS

24×7 Around the Globe

වී මිලදී ගැනීමේ මිල වැඩි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වී මිලදී ගැනීමේ මිල ඉහළ ගොස් ඇති බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, වී කිලෝ ග්‍රෑමයක් රජය විසින් රුපියල් 50 ක මිලකට මිලදී ගැනීමත් සමග වෙළෙඳුන් ඒ සඳහා ගෙවන මිල තවදුරටත් ඉහළ නංවා ඇති බවයි.

මේ හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව වී මිල 20% කින් පමණ ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.