FAST NEWS

24×7 Around the Globe

කංජිපානිගේ සිරකුටියේ යළිත් ජංගම දුරකතනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශේෂ ගණයේ සිරකරුවෙකු වන කංජිපානි ඉම්රාන් මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි.

ඒ බී 4 සිරකුටියේය.

එහි තිබී තුන්වන වරටත් ජංගම දුරකතනයක් සොයා ගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහි ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් CCTV කැමරා වලින් කරන ලද නිරීක්ෂණයකදී මෙම ජංගම දුරකතනය සොයා ගෙන තිබේ.

එම CCTV දර්ශන ඔස්සේ කංජිපානිට එරෙහිව පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.