FAST NEWS

24×7 Around the Globe

සියළු මන්ත‍්‍රින් ආණ්ඩුවට ගියද තනියෙන් හෝ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියළු මන්ත‍්‍රින් ආණ්ඩුවට ගියද තමන් විපක්‍ෂයේ තනිවම හෝ සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

‘අපිට ආණ්ඩුව පිහිටුවන්න බැරි වුණා නම් විපක්ෂයේ කාර්ය කරන්න ඕනා. හවුල් ආන්ඩු හදන්න නොවෙයි මිනිස්සු අපට ඡන්දෙ දුන්නෙ. එජාපයත් එක්ක හවුල් ආණ්ඩු හදන්න ජනතාව අවසර දීලා නෑ. හවුල් ආණ්ඩුව ජනමතයට එරෙහිව යෑමක්. මන්ත‍්‍රීවරු සියල්ල ආණ්ඩුවට ගියත් මං විපක්ෂයේ ඉන්නවා’ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.