(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලු දෙනා එකතුව අලියා ලකුණින් මහා මැතිවරණයට ඒමට සූදානම් වන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එක්සත් සමගි පෙරමුණ සමඟ එක්සත් ජාතික පක්ෂය අවබෝධතා ගිවිසුමට පැමිණීමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.









