(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අගමැති ධූර අපේක්ෂකයා ලෙස මෙහෙයුම් කටයුතු භාරගෙන ඉදිරිපත් වන ලෙස හිටපු කථානායක කරූ ජයසූරිය හමුවී එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී්රවරුන් පිරිසක් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.
මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, රවී කරුණානායක, පාලිත රංගේ බණ්ඩාර සහ දයා ගමගේ යන හිටපු පාර්ලිමේන්තු මන්ති්රවරුන් විසින් බවට වාර්තා වේ.
ඒ පිළිබඳ සලකා බලා පසුව සිය තීරණය දැනුම් දෙන බව ඊට ප්රතිචාර දක්වමින් කථානායකවරයා සදහන් කර ඇත.
මෙලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී්රවරුන් පිරිස කථානායක නිල නිවසේදී කරූ ජයසූරිය හමුවී මෙම ඉල්ලීම සිදුකර ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.









