FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වැළදුණු ශ්‍රී ලාංකික කත පැවසූ සංවේදී කතාව [VIDEO]

(ෆාස්ට් නිව්ස් | ඉතාලිය) – ඉතාලියේ දී හමුවූ පළමු කොරෝනා වෛරසය වැළඳුණු ශ්‍රී ලාංකික රෝගියා මෙරට සිටින මාධ්‍යවේදියෙකු සමග සිදුකල වීඩියෝ දුරකථන සංවාදයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් තිබේ. 

මෙම කාන්තාව රාජකාරි සිදුකල නිවසේ අයිතිකරුගෙන් ඇයට මෙම රෝගය බෝවී ඇති බව ඇය පවසයි.

ඇය මේ වනවිට රෝහල් ගතකර ප්‍රතිකාර ලබන අතර වේදනා නාශක ලබාදී ඇති බව ඇය සඳහන් කරයි.

ඇය ඊයේ දිනයේ සිට ආහාර ලබාගෙන නැති බවත් , මේ වනතෙක්ම එක් වරක් පමණක් ප්‍රතිකාර ලබාදී ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.