FAST NEWS

24×7 Around the Globe

මහජන බැංකුවට නව කළමනාකරුවකු පත්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහජන බැංකුවේ නව කළමනාකරු ලෙස කේ. බී. රාජපක්ෂ මහතා පත් කර ඇත. 

මහජන බැංකුවේ පුහුණු කළමනාකරුවෙකු ලෙස සේවයට එක්වූ කේ. බී. රාජපක්ෂ වසර 33 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීවරයෙකි.

ඔහු මීට පෙර කටයුතු කළේ මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගල කේන්ද්‍රීය යන තනතුරේයි.