FAST NEWS

24×7 Around the Globe

තත්ත්වයෙන් නුසුදුසු කුළු බඩු නිෂ්පාදන පිලිබඳ අවධානයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් බාල කුළුබඩු නිෂ්පාදන වෙළඳපොළේ අලෙවි කිරීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ගම්පහ, කුරුණෑගල, මාතර, කොළඹ ආදී දිස්ත්‍රික්කවලින් කෘත්‍රිම වර්ණක සහ බාල මිරිස් යොදා ගනිමින් මිරිස් කුඩු නිෂ්පාදනය කිරීමේ සිද්ධීන් වාර්තා වූ බව එහි ලේකම් මහින්ද බාලසූරිය සඳහන් කරයි.