ජනපති පැතූ වෙනස දයාන් ලංසා අරඹයි…. – [IMAGES]

ජනපති පැතූ වෙනස දයාන් ලංසා අරඹයි…. – [IMAGES]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ( ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රටේ ජනතාවගේ අනාගත අභිවෘද්ධිය හා උන්නතිය උදෙසා දේශපාලඥයින් වැඩ කරන පිරිසක් බවට පත් කිරීමට සිදුව ඇත.. ඉතාම කඩිනමින් ජනතාවගේ ජනතා ප්‍රශ්න වලට විසඳුම් අත්පත් කර දීම ජනාධිපති තුමාගේ ප්‍රධාන කාර්ය භාරයකි ..

ජනතාවට ජනතා බදු මුදලින් ජනතාවට ජනතාව උදෙසා අත් පත් විය යුතු ජන යහපත ප්‍රමාදයකින් රැහැණිව ඉටුකිරීම දේශපාලනඥයන්ගේ ප්‍රධාන වගකීම වේ .. ලංකාවේ ප්‍රාදේශීය දේශපාලන පරිපාලන ඒකකයන් වන මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා වලට ජන උන්නතිය සඳහා සිදුකළ යුතු බොහෝ කාර්යයන් පැවරී ඇත .. එහෙත් එම ආයතනයන්ගේ වැඩ කටයුතු සිදු වන්නේ ඉතාම අලසකමින් බව මේ රටේ සමස්ත පොදු මහජනතාව විසින් දන්නා කාරණාවකි.

ශ්‍රී ලාංකීය ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්කරනු ලබන්නේ රාජ්‍ය යාන්ත්‍රණය පොදු මහ ජනතාවගේ ශුභ සිද්ධිය උදෙසා ඉතා කාර්යක්ෂමව ක්‍රියාත්මක කරවීමේ නායකත්වය රටට ජාතික අවශ්‍යතාවයක් වන නිසාවෙනි ..

බොහෝවිට ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඒ පිළිබඳව අපට අහන්නට ලැබෙන්නේ ඔවුන් සිදු කරන ජන විරෝධී කාර්යයන් පිළිබඳව ය. එවන් වකවානුවක් පසුකරමින් පසු කරමින් නැවත වතාවක් රටේ දේශපාලනය ජනතාවට සෙත සලසන අයුරින් ක්‍රියාත්මක වන ආකාරයක් පෙනෙන්නට ඇත . ප්‍රාදේශීය දේශපාලඥයින් දේශපාලඥයින් ඉතා යුහුසුළුව ජන අවශ්‍යතා පූරණය කිරීමට වෙර දරන ආකාරයක් ආරම්භ වී ඇත .

එය අනාගතය වෙනුවෙන් යහපත් ඉඟියකි . එම පැතූ වෙනස අරඹමින් මීගමුව මහ නගර සභාවේ දේශපාලන අධිකාරිය වන නගරාධිපතිවරයා විසින් මහ නගර සභා බල ප්‍රදේශය තුල මෙතෙක් ජනතාව වෙනුවෙන් ඉටු නොවූ මා ර්ග / මාතෘ සායන /සැලසුම් අනුමත කිරීම / වීදි ලාම්පු /කාණු පද්ධති/අනවසර ඉදිකිරීම්/ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන/පශු වෛද්‍ය මහජන ගැටලු ගැටළු සඳහා .. එම ගැටලු කඩිනමින් විසඳීම වෙනුවෙන් යාන්ත්‍රණයක් සකස් කරමින් එම සියළු අඩුපාඩු තමන් වෙත සෘජුව ජනතාවට දන්වා සිටීමට අවකාශය නිර්මාණය කරමින් .

දින තුනක් තුළ ඒ සියලු ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ගෙන ඇති මේ ක්‍රියා මාර්ගය ඉතා උත්කෘෂ්ඨය . මෙය ලාංකීය ප්‍රාදේශීය දේශපාලනය උඩු යටිකුරු වීමකි . දයාන් ලාන්සා නගරාධිපතිවරයා විසින් ගන්නා ලද මේ ජන හිතෛශී ක්‍රියාව රටේ අනෙකුත් නගරාධිපතිවරුන් ට ප්‍රාදේශීය සබාපති වරුන්ට ඉතා හොඳ ආදර්ශයකි .

ජන අවශ්‍යතා සංසිදවීම තුළ මෙවැනි තරුණ දේශපාලඥයන් විසින් මෙවැනි කඩිනම් ක්‍රියා තුළින් ජනතාවට දේශපාලනය පිළිබඳව ඉතා දැඩි විශ්වාසයක් උත්පාදනය වේ..