FAST NEWS

24×7 Around the Globe

අගමැති කුරුණෑගලින් මහ මැතිවරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන්කර සිටියේය. 

එහිදී තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශකර සිටියේ පාර්ලිමේන්තුව විසුරුවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් තුනෙන් දෙකක් ලබා ගත හැකි ආණ්ඩුවක් බිහි කළ යුතු බවත්ය.

එක්සත් ජාතික පක්ෂයේ ගැටුම් හේතුවෙන් එය එතරම් අපහසු නැතැයි ද ඔහු පැවසීය.

මේ රටේ බහුතරයක් ජනතාව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අනුව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සහය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.