FAST NEWS

24×7 Around the Globe

‘නිල නිවාස ඉල්ලා’ යහපාලන රජයේ පිරිසකගෙන් රජයට ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් |කොළඹ) –  තමන් භාවිත කළ නිල නිවාසවල තවදුරටත් රැඳී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස දන්වමින් යහපාලන රජය සමයේ හිටපු ඇමැතිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීම් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව හිටපු අමාත්‍යවරුන් 14 දෙනකුගෙන් මෙලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් යොමු කර තිබේ.

නමුත් එම ඉල්ලීම ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත් වහාම නිල නිවාස භාරදීමට කටයුතු කරන ලෙස ඔවුන්ට දැනුම් දී ඇති අතර එසේ නොකරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව හිටපු ඇමැතිවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වනතෙක් නිල නිවාස භාරදීමට කටයුතු නොකළ ඇමැතිවරු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කථානායක කරු ජයසූරිය වෙත ලිපියක්ද යොමු කරමින් අවසර ඉල්ලා තිබේ.