FAST NEWS

24×7 Around the Globe

චමින්ද වාස්ට පාකිස්තානයෙන් සුවිශේෂී ආරාධනාවක්.

පාකිස්තානු සුපර් ලීග් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙස එක්වන්නැයි චමින්ද වාස්ට ආරාධනාවක් ලැබී තිබෙනවා.

ඔහු කියා සිටියේ තමන් පිළිබද තවමත් තීරණයක් ගෙන නොමැති බවයි. චමින්ද වාස් කලක් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකරු ලෙස කටයුතු කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ තමන්ට රටවල් කිහිපයකින්ද පන්දුයැවීම් පුහුණුකරු ධුරය සදහා ආරාධනා ලැබී ඇති බවයි.

ලබන වසරේ පෙබරවාරි මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට විදෙස් කී‍්‍රඩකයින් රැසක් එක් වීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය මෙන් ආකර්ශනීය ලෙස එම තරගාවලිය පැවැත්වීමටයි තරග සංවිධායකයින් සැලසුම් කර ඇත්තේ. සාජා කී‍්‍රඩාංගණයේ සහ ඩුබායි කී‍්‍රඩාංගණයේ සියලූ තරග පැවැත්වෙනවා.

කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, තිලකරත්න ඩිල්ෂාන්, තිසර පෙරේරා, ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස් යන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින් පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට එක්වීමට නියමිතයි.

මේ අතර නවසීලන්තයේ පැවැත්වෙන සුපර් මෑෂ් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියට සහභාගි වීම සදහා මහේල ජයවර්ධන ගිවිසුම් අත්සන් කර තිබෙනවා. තරගාවලිය පැවැත්වෙන්නේ මෙම වසර අවසානයේයි. මුත්තයියා මුරලිදරන්ද එම තරගාවලියට සහභාගි වීමට නියමිතව තිබෙනවා.