“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේනගෙන්  මිදී සැබෑ ජන අවශ්‍යතා සපුරන වාමාංශික ව්‍යාපාරයක් ලෙසට පෙරට ආ යුතුයි” – සභාපති යුක්ති ඒකධීර

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේනගෙන්  මිදී සැබෑ ජන අවශ්‍යතා සපුරන වාමාංශික ව්‍යාපාරයක් ලෙසට පෙරට ආ යුතුයි” – සභාපති යුක්ති ඒකධීර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගෙන්  මිදී සැබෑ ජන අවශ්‍යතා සපුරන වාමාංශික ව්‍යාපාරයක් ලෙසට පෙරට ආ යුතු බව මාගේ විශ්වාසයයී.” – සභාපති යුක්ති ඒකධීර

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු  බණ්ඩාර අතුකෝරල සඳහන් කළේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පැවැත්වූ සියළු සාකච්ඡා සාර්ථක බවත් පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය සම්පුර්ණ සහයෝගය ලබාදෙන බවයි.

එසේම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානයෙන් තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මැති ඇමතිවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 15  දෙනෙකුට නාම යෝජනා ලබාදීමට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් එකඟතාව පල කල බවයි.

මේ ඒ සඳහා පිළිතුරු ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් තරුණ සංවිධානයේ සභාපති යුක්ති ඒකධීර මහතා

පිළිතුර –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහයෝගය දැක් වූ අතර .. එක්සත් ජාතික පක්ෂයේ ම පාක්ෂිකයින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට කැඳවා තමන් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් සිටින බව පෙන්වීමට දැඩි උත්සාහයක් ගනු ලැබුවා.. ඒත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විසින් සහයෝගය දක්වනු  ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ය.

එම අසාර්ථක උත්සාහයෙන් පසුව නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය ලෙස අටවා ගත් බංකොලොත් වූ ආසන සංවිධායකවරුන්ගේ නාඩගම නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයට පෙරාතුව කරලියට පැමිණ තිබේ.. ව්‍යාපාරයේ කැඳවුම්කරු වන බණ්ඩාර අතුකෝරල කෑගල්ල ප්‍රාදේශීය සභාවට තරග කොට ඡන්ද  තිහක්වත් ලබා ගැනීමට මන්ද තිහක් වත් ලබා ගැනීමට නොහැකිව ජනතාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ අයෙකු වන අතර .. මොවුන් විසින් එක්සත් ජාතික පක්ෂය භාර දෙනු ලබන කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාත්තුව නියැලී සිටී.. පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ගේ උපදෙස් මත පිහිටවන ලද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සුරැකීමේ ව්‍යාපාරය  ජනාධිපතිවරණයට පෙර පවත්වාගෙන ගියේ චන්ද්‍රික රණවක අමාත්‍යවරයා ට අයිති රාජගිරියේ පිහිටි නිවසකය..

චම්පික රණවක අමාත්‍යවරයා ගේ සියලුම අනුදැනුම යටතේ ක්‍රියාත්මක මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ පක්ෂ සුරකීමේ ව්‍යාපාරයට ජනාධිපතිවරණ සමයේ වෝටර්ස් එජ් හෝටලයේ රාත්‍රිය ආහාර පහසුකම් ලබාදෙමින් මෙයට සම්බන්ධ පිරිස් සහ ජනතාව වෙත  සංග්‍රහ කටයුතු සිදු කළේය .. නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ අරමුණින් චම්පික රණවක අමාත්‍යවරයා ගේ සහ එක්සත් ජාතික පක්ෂයේ පටු දේශපාලන අරමුණු ඉටු කරදීම වෙනුවෙන්.. මොවුන් ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලිය.. ස්වදේශික ජනයාගේ ජනතා අභිලාෂයන් විනාශ කිරීම උදෙසා ක්‍රියාත්මක වන මෙවැනි බංකොලොත් වූ සංවිධාන තුළින් නියම වාමවාදී ව්‍යාපාරයට හානි කළ නොහැක..

චම්පික රණවක අමාත්‍යවරයා ගේ අගමැති සිහිනය සාක්ෂාත් කරගැනීමට මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ   සාමාජිකයන් යොදා ගැනීම . තරයේ හෙළා දකිමු.. පසුගිය වසර 72 තුළම සිදු වූයේ බදු ගෙවන ජනතාවට දේශපාලනඥ ප්‍රශ්න කිරීමට නොහැකි වීමයි.. නමුත් ඒ යුගය වෙනස් කළ යුතු කාලය දැන් එළැඹ ඇත .. ජනතාව  විසින් දේශපාලනඥයන් ප්‍රශ්න කළ යුතු යුගය ඇරැඹීමට නියමිතය..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගෙන්  මිදී සැබෑ ජන අවශ්‍යතා සපුරන වාමාංශික ව්‍යාපාරයක් ලෙසට පෙරට ආ යුතු බව මාගේ විශ්වාසයයී.”