FAST NEWS

24×7 Around the Globe

Google කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළදෙයි

(ෆාස්ට් නිව්ස් |ස්විස්ටර්ලන්තය) – ස්විස්ටර්ලන්තයේ පිහිටි Google කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.


මෙලෙස කෝවිඩ් -19 රෝගයට ගොදුරුව ඇත්තේ සූරිච් කාර්යාලයේ සේවය කළ සේවකයෙකුය.

මේ බව ඊයේ(28) ගූගල් සමාගම දැනුම් දුන් අතර මේ හේතුවෙන් ගූගල් සමාගම ඉතාලිය, ජපානය, ඉරානය සහ දකුණු කොරියාව වෙත සිය කාර්ය මණ්ඩලය අනුයුක්ත කිරීමත් සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.