FAST NEWS

24×7 Around the Globe

ක්‍රිස් ගෙල්ට ශ්‍රී ලංකා සංචාරය අහීමියි – කණ්ඩායමේ වෙනස් කම් රැසක්.

ලබන මස ආරම්භ වන ශී‍්‍ර ලංකා තරග සංචාරයට එක්වීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් සුපිරි කී‍්‍රඩක කි‍්‍රස්ගේල්ට අහිමි වී තිබෙනවා.

එ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්ස සහ එක්දින තරගාවලියට එක්වන කොදෙව් සංචිතය ඊයේ ප‍්‍රකාශයට පත් කළා.

අබාධයක් හේතුවෙන් කි‍්‍රස්ගේල් මෙම සංචිත දෙකකට ඇතුළත් නොකිරීමටයි කොදවේ තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ. කොදෙව් එක්දින කණ්ඩායමේ නායකත්වය ජේසන් හෝල්ඩර්ට හිමිව තිබෙනවා.

කොදෙව් පන්දුවාර විස්ස කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ ඩැරන් සැමීයි. ඞ්වේයින් බ‍්‍රාවෝ, සුනිල් නරේන් සහ මාර්ලන් සමුවෙල් යන කී‍්‍රඩකයින් කොදෙව් එක්දින සහ පන්දුවාර විස්ස සංචිතවලට ඇතුළත්. කීරන් පෝලාර්ඞ් නම් කර ඇත්තේ කොදෙව් පන්දුවාර විස්ස සංචිතයට පමණයි.