FAST NEWS

24×7 Around the Globe

ලොකු ළුණු මාෆියාවෙන් දෙකෝටි හාරලක්ෂයකට ආසන්න ජනතාවගේ පොකට්ටුවට විදී.ආණ්ඩුව මර නින්දේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උපරිම සිල්ලර මිල ඉක්මවා ලොකු ළූණු අලෙවි කරන වෙළඳුන් සොයා ඊයේ(25) දිනයේ  සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

එම අධිකාරියේ විමර්ශන අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, නීති කඩකරන වෙළඳුන්ට දැඩි පියවර ගන්නා බවයි.

කෙසේ නමුත් අද පැවතී මාධ්‍ය හමුවකදී සමස්ථ ලංකා ආහාර හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පැවසුවේ මෙරට බී ළුණු මාෆියාව බිඳ දැමීමට ඉන්දියාවෙන් බී ළුණු ආනයනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ගත් තීරණය අගය කරන බවයි.

මේ වන විට කොළඹ මැනිං වෙළදපොළේ ආනයනික ලොකු ළූණු කිලෝ ග්‍රෑමයක් උපරිම සිල්ලර මිල රුපියල් 150 ක් ලෙස සටහන් වේ.

අප ප්‍රශ්න කරන්නේ මීට සති කිහිපයකට පෙර රුපියල් 320ක්ව පැවති ලොකු ළුණු මිල එක වරම රුපියල් 150කට පහත දැමීමට හැකි වුයේ කෙසේද?යන්න පිලිබඳවය.

මාස 3කට ආසන්න කාලයක් රුපියල් 320කට ලොකු ළුණු මිලදී ගැනීම හරහා ජනතා පොකට්ටුවට මෙම මාෆියාකරුවන්  විද තිබේ.

ආනයනික බදු අඩු කිරීමක් හෝ නොකර එකවර මෙලෙස ලොකු ළුණු මිල පහත දැමුවේ කෙසේද යන්න අප ප්‍රශ්න කරන්නේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනික තොග සහ සිල්ලර වෙළඳ සංගමයෙනි.

පසුගිය මාස කිහිපය පුරා තත්ත්වයෙන් බාල ලොකු ළුණු පවා මෙරට වෙළඳ පොලේ අලෙවි කළේද රුපියල් 320ක් වැනි මුදලකටය.

මේ නිසා සාමාන්‍ය ජනතාව ව්‍යාංජන වලට ළුණු ගෙඩියක් දැම්මේද  හුල්ලමින් නොදමා බැරිකමටය.

ජනතා මුදල් ගසා කමින් මෙම ලොකු ළුණු මාෆියාව පාලනය කරන්නේ කවුරුන්දැයි රටට හෙළි කල යුතුය.

‘ලාලන්’ නැමැත්තෙකු මෙම ජාවාරම පිටුපස සිටින බවට තොරතුරු වාර්තාවේ.

මේ අතර පෞද්ගලික රූපවාහිනී නාලිකාවකින් ගොස් ලොකු ළුණු මිල එකවර පහත දැමීම සම්බන්ධයෙන් දඹුල්ල  ව්‍යාපාරිකයින්ගෙන් ප්‍රශ්න කර තිබේ.මෙහිදී එම ව්‍යාපාරිකයින් පවසන්නේ කොළඹින් තමන් වෙත කල දැනුම්දීමක් මත මෙලෙස ලොකු ළුණු මිල පහත දැමු බවයි.

අපට ඇති ප්‍රශ්නය නම් රජය හෝ දැනුවත් නොමැතිව මෙලෙස ව්‍යාපාරිකයින් මෙහෙය වන හස්තය කවුරුන් විය හැකිද යන්නයි.

ජනාධිපතිවරයා, අගමැතිවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු නොවේද?

ජනතා මුදල් ගසා කමින් මෙවැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ජාවාරම් කරන්නන් රැක ගන්නේ දේශපාන බලයක් මතද?  ජනතාව ප්‍රශ්න කරන්නේ එයයි.