FAST NEWS

24×7 Around the Globe

සංචාරක සංවර්ධන බද්ධ ගෙවීමට දුන් සහන කාලය දීර්ඝ වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක ආයතන වල සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහන කාලය තවත් මාස 04 කින් දීර්ඝ කෙරු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරක කර්මාන්තයේ සිදු වූ කඩා වැටීමත් සමගම ලබා දී තිබු කාලය පසුගිය දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් විය.

ඒ අනුව මේ වසරේ ජනවාරි 01 වෙනි දා සිට සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ආයතන හිමියන් සමාන වාරික මගින් සංචාරක බද්ධ වසරක් තුළ ආපසු ගෙවිය යුතු වෙයි.