(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් කෝටි 33ක මුදලකට කල් බදු පදනම යටතේ නාගරික සංවර්ධන අධිකාරියට වාහන 28ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
දැනට අධිකාරියේ නිලධාරින් සඳහා කුලී ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති වාහන වෙනුවට මෙම වාහන ලබාගැනීමට බලාපොරොත්තු වේ.
දැනට නාගරික සංවර්ධන අධිකාරියේ භාවිතා වන වාහන වලින් 45 කුලීපදනම මත ලබාගෙන ඇත.
තම පෞද්ගලික වාහන නිල වාහන ලෙස භාවිත කරන නිලධාරීන් 28 දෙනෙකු සඳහා ප්‍රවාහන දීමනා ලෙස වසරකට රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක මුදලක් අධිකාරිය වැය කරන බවද වාර්තා වේ.









