FAST NEWS

24×7 Around the Globe

සජිත්ගේ සන්ධානයේ මැතිවරණ මෙහෙයුම ‘හරි’ අතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වැදීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සජිත් ජනබලවේගය සන්ධානයේ ඉදිරි කටයුතු පර්ලිම්නේතු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු වෙත භාර දීමට නියමිතය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලේ ජනබලවේගය සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙස හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පත් කිරීමට නියමිත බවයි.

නමුත් ඔහු මැතිවරණයට තරඟ නොකරන බවද වාර්තාවේ.

මැතිවරණ මෙහෙයවීමේ කටයුතු සිදුකරන ඔහු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.