FAST NEWS

24×7 Around the Globe

වතුර බෝතල් වෙනුවට දැන් වතුර බෝල.(වීඩියෝ )

ඇමෙරිකාවේ පමණක් වසරකට භාවිතා කරන ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණය බිලියන 50කි. මෙලෙස ජලය ඇසුරා තැබීම සඳහා භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් හේතුවෙන් පරිසරයට සිදුවන හානිය සුළු පටු නොවේ.

මෙම ගැටළුවට අපූරු විසඳුමක් ලන්ඩනයේ ස්කිපින් රොක්ස් විද්‍යාගාරයේ රොඩ්‍රිගෝ ගාෂියා ගොන්සාලෙස් , ගියුම් කුෂ් සහ පියර් පස්ලීර් විසින් හඳුනාගෙන තිබේ.

ඒ ඉක්මණින් දිරාපත් වන සහ අඩු මුදලකින් නිෂ්පාදනය කළ හැකි ජල බුබුළකි.

එය Ooho ලෙස නම් කර ඇති අතර බැලූ බැල්මට වතුර බැලුමක් ලෙස දිස් වෙයි.මෙය නිෂ්පාදනය කර ඇත්තේ මිදුනු වතුර බුබුළක් වටා ලුණු සහ දුඹුරු ඇල්ගී වලින් නිර්මාණය කරන ලද ආවරණයක් ය‍ෙදීමෙනි.එම ආවරණයද ආහාරයට ගැනීමට සුදුසු ලෙස නිෂ්පාදනය කර තිබේ.

මෙම අපූරු නිෂ්පාදනය සඳහා යුරෝපා සංගමයෙන් පුනර්ජීවන සම්මානයක් (Sustainability Award) සහ ඇමෙරිකානු ඩොලර් 22,500ක ත්‍යාගයක්ද හිමිවී තිබේ.

පහත දැක්වෙන්නේ එම ජල බුබුළ පානය කරන අයුරුයි.

[youtube url=”https://www.youtube.com/watch?v=kIXkGdEIB-o” width=”560″ height=”315″]