FAST NEWS

24×7 Around the Globe

කාම අපරාධ වීඩියෝවක් ගැන පරීක්‍ෂණ නොපැවැත්වීම සම්බන්ධයෙන් රහස් පොලිසියට චෝදනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කාම අපරාධයක් සිදු කිරීම සම්බන්ධයේ වන වීඩියෝවක් පිළිබඳව කළ පැමිණිල්ලකට මෙතෙක් පරීක්‍ෂණ නොපැවැත්වීම ගැන මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

මෙම වීඩියෝව ප්‍රකට ව්‍යාපාරිකයෙකු විසින් කාම අපරාධයක් සිදු කරන අයුරු දැක්වෙන වීඩියෝවකි.

මෙම වීඩියෝව පිළිබඳව රහස් පොලිසියට පැමිණිලි කර මාසයකට අධික කාලයක් ගත වුවද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බව එම මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සංවිධායක අසේල සම්පත් මහතා කියා සිටී.

ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ නොපවත්වන්නේ නම් ඉදිරියේදී  එම වීඩියෝව මාධ්‍යයට ලබාදීමට කටයුතු කරන බව මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.