FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2247 යි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මේ වන විට මියගොස් ඇති පුද්ගලයන් ගණන 2247 ක්.

ගතවූ පැය 24 තුළදී මරණ 115 ක් වාර්තා වී ඇති අතර , ලොව පුරා වෛරසය ආසාදිතයන් ගණන හැත්තෑ හයදහස ඉක්මවා තිබේ.

මේ අතර කොවිඩ් වෛරසය හේතුවෙන් රටට දිගුකාලීන බලපෑමක් ඇති නොවන බව චීන ජනාධිපති ෂී ජින් පින් තහවුරු කර තිබේ.

කෙසේ නමුත් මේ වන විට ආසාදිතයන් දා හත්දහසකට වැඩි පිරිසක් සුවය ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.