(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුල් අදියරට පමණක් රුපියල් මිලියන 500ක් වැය කරමින් පිළියන්දල මඩපාත කහපොල පිහිටි අක්කර 77 ක රෙජිඩේල් වතුයායේ ඉදිකර ඇති බුද්ධකාලීන ශාක්‍ය ජනපදය හෙවත් ශාක්‍ය රාජධානිය මේ වන විට අභාවයට යාමට ඉඩ සලස්සා තිබේ.
මිලියන ගණනක් වැය කරමින් එම භූමියේ ඉදිකල ගොඩනැගිලි දැන් වල් බිහිවීමට ඉඩ හැර ඇත. එසේ වල් බිහිවීමට ඉඩහැර ඇත්තේ උවමනාවෙන් බව වාර්තාවේ.
වත්මන් රජයේ අමාත්‍යවරයෙකු වන එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ අදහසකට අනුව එම ස්ථානයේ සත්ව උද්‍යානයක් ආරම්භ කිරීමට යන බවට තොරතුරු වාර්තාවේ.
සමරකෝන් බූදලයට අයත් මෙම ඉඩම මහාභාරකාර දෙපාර්තමේන්තුව භාරයේ පැවති අතර පසුව එය බුද්ධශාසන අමාත්‍යාංශය යටතට පවරන ලද්දේ එම ස්ථානය බෞද්ධාගමික කටයුත්තකට යොදා ගන්නා ලෙස සමරකෝන් පවුල කල ඉල්ලීමකට අනුවය.
මෙම ශාක්‍ය රාජධානිය ඉදිකිරීම සදහා ආයෝජනය කිරීමට යෝජිත රුපියල් මිලියන 500න් 70ක් ආයෝජනය කර තිබේ.
ඇමෙරිකානු සමාගමක් සහ මෙරට පරිත්‍යාගශීලීන් විසින් මෙම මුදල් ආයෝජනය කල අතර ඒ සියල්ල දැන් වල්බිහිවී අවසන්ය.එවිට මෙම ආයෝජකයින්ට අත්වෙන ප්‍රතිලාභය කුමක්ද?
බුදුදහම ආරක්ෂා කරන බවට ජනතාවට සහතික ලබා දෙමින් බලයට පත්වූ වත්මන් රජයට මෙවැනි අපරාද සිදුවීමට ඉඩහැර බලා සිටිය හැකිද?









