FAST NEWS

24×7 Around the Globe

සිසුවියන් සිව්දෙනෙකු කාලයක් තිස්සේ අපයෝජනය කල මස්කෙළියේ ගුරුවරයා.(ඡායාරූප)

මස්කෙළිය පොලිස් වසමට අයත් මොටින්හෑම් වතුයායේ දමිළ වතුපාසැලක 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටින අවුරුදු දාහතර (14) සහ පහළොව (15) වයස් කාණ්ඩවල පසුවන සිසුවියන් සිව්දෙනෙකු කාලයක් තිස්සේ අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසැලේ ගුරුවරයෙකු මස්කෙළිය පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

මෙම සැකකාර ගුරුවරයා අවුරුදු තිස්එකක (31) විවාහක එක්දරු පියෙක් වන අතර ඔහු නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංච්කරුවෙකු බවයි පොලීසිය පවසන්නේ. පාසැල් සිසුවියන්ට බාහිර පන්ති පවත්වන මුවාවෙන් මෙම සැකකරු කාලයක් තිස්සේ වරින් වර සිසුවින්ව අපයෝජනයට ලක්කළ බවට එම සිසුවියන් හා සිසුවින්ගේ දෙමාපියන් විසින් මස්කෙළිය පොලීසියේ පැමිණිල්ලක් කර තිඛෙනවා.

එම සිසුවියන් සිව්දෙනා නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා අද (29.09) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර එම පාසල අවට තිඛෙන තේ වතු වල වතුකම්කරුවන් අද (29.09) වැඩවර්ජනය කරමින් පාසැල වටලා උද්ඝෝෂණයක නිරතවී සිටිනවා.

වතුකම්කරුවන් පවසන්නේ මෙම සිද්ධියට විදුල්පතිවරයා සහ ආචාර්‍ය මණ්ඩලයත් වගකිවයුතු බැවින් ඔහු ඇතුළු එම පාසැලේ ආචාර්‍ය මණ්ඩලය මාරුකළ යුතු බවයි. වතුකම්කරුවන් එම පාසැල වටකර තිබීම හේතුවෙන් පාසැලට දැඩි පොලීස් ආරක්‍ෂාවක් යොදවා තිඛෙනවා. මෙම සිද්ධිය පිළිබඳව මස්කෙළිය පොලීසිය පරීක්‍ෂණ පවත්වනවා.

arestarest-2