FAST NEWS

24×7 Around the Globe

තරිඳු කෞෂාල් පිළබඳ අවසන් නිවේදනය නිකුත් වෙයි – දුස්රා යැවීම සපුරා තහනම්.

ශ්‍රී ලංකා නවක පිට දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වන තරිඳු කෞෂාල්ගේ ඉරියව්ව පිළිබඳ අවසන් නිවේදනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද නිකුත් කරනු ලැබිණි.

එම වාර්තාවේ නිර්දේශ අනුව තරිඳු කෞෂාල්ගේ පිට දඟ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී නොවන බව තහවුරු කර තිබේ.

එහෙත්, ඔහු දූස්රා පන්දු යොමු කිරීමේදී අංශක 15කට වඩා මැණික් කටුව කරකැවෙන බව තහවුරු වී ඇත.

එහෙයින්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශය අනුව ජාත්‍යන්තර තරගවලදී දූස්රා පන්දු යැවීම තරිඳු කෞෂාල්ට තහනම් කර තිබේ.

චෙන්නායිහි ශ්‍රී රාමචන්ද්‍ර විශ්වවිද්‍යාලයේදී සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම නිර්දේශය නිකුත් කෙරිණි.