FAST NEWS

24×7 Around the Globe

මහේල ජයවර්ධන නවසීලන්තය සමග ලීග් ගිවිසුමක් අත්සන් කරයි.

නවසීලන්තයේ විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමට ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන ගිවිසුම් අත්සන් කළ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කළේය.

සෙන්ට්‍රල් ස්ටැග්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහු ගිවිසුම් අත්සන් කොට ඇති අතර එහි කළමණාකාරිත්වය මේ බව තහවුරු කර තිබේ.

තරගාවලියේදී ස්ටැග්ස් කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරග හය සඳහා ක්‍රීඩා කිරීමට මහේල ගිවිසුම් ගතව තිබේ.

වසර 10ක ඉතිහාසයක් ඇති නවසීලන්ත විස්සයි20 ක්‍රිකට් ලිගයේදී එම කණ්ඩායමට මුත්තයියා මුරලිදරන් හා බ්‍රේට් ලී ක්‍රීඩා කොට තිබේ.