FAST NEWS

24×7 Around the Globe

ඌවට මහපුටුවේ ආශිර්වාදයෙන් රාජපක්ෂවරයෙක්ට ඇරයුමක් !

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන මහා මැතිවරණයේදි බදුල්ල දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් මැතිවරණය මෙහෙයවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතනුවන්වන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් (Lieutenant Commander) යෝෂිත රාජපක්ෂ මහතාට ආරාධනයක් ලැබී තිබෙන බව වාර්තාවෙමින් තිබේ. තවද ඌව දේශපාලන කරළියේ ප්‍රබල ඝට්ටනයක් හටගනිමින් තිබෙන බවටද අදාළ වාර්තාවන් වැඩි දුරටත් සනාථ කරමින් තිබේ.

Army Attentions තිබෙන එකම රාජපක්‍ෂ වරයා යෝෂිත පමණක් වීම

ඌවේ දේශපාලන කරළියට යෝෂිත රාජපක්‍ෂ කැඳවීම සම්බන්ද පුවත සැලවීමත් සමඟම වියත්මග ගොජොබ්බ වියතුන් මෙන්ම පොහොට්ටු කදවුරේ ඇතැම් පාර්ශ්වයන් අතරද විවිධ සාකච්ඡා සිදුවෙමින් තිබෙන අතර දැන් දැන් යෝෂිත රාජපක්‍ෂ චරිතය Talk of the Town බවට පත්ව තිබේ. එපමණක් නොව යෝෂිත රාජපක්‍ෂ පිළිබඳ රාජපක්‍ෂ වන්දිබට්ටයින් විසින් මේ පිළිබඳව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ට පසුව රාජපක්‍ෂ පුරුකේ රට වෙනුවෙන් නිලඇඳුම ඇඳපු එකම රජපක්ෂවරයා එනම් (Army Attentions + Uniformed Rajapakse) වන්නේ යෝෂිත රාජපක්‍ෂ පමණක් බවයි. හිටපු විධායක ජනපති මෙන්ම වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් පසුව රාජපක්ෂ පවුලේ එකම බලවත් කේන්ද්‍රයට හිමිකම් පාන්නේද යෝෂිත රාජපක්ෂ පමණක් බවකි. අප දන්නා පරිදි රාජපක්‍ෂ පවුලේ වර්තමානයේ නිල ඇඳුම ඇඳපු එකම පුද්ගලයා යෝෂිත රාජපක්‍ෂ පමණක්වීම කෙසේත්ම ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි, එබැවින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එලෙස කියා සිටීම එක් පසෙකින් සාධාරණ කරුණකින නමුත් ඔහු නිල ඇඳුම ඇඳපු ආකාරය තවමත් මෙරට ජනතාවට මෙන්ම මාධ්‍යවේදීන්ටද අදටත් නොවිසඳී පවතින ගැටළුවකි – එය වෙනම කරුණක් වුවත් ඒ පිළිබඳව සටහනක් නොතබා යෝෂිත රාජපක්‍ෂ ගැන සටහනක් තැබීමට නොහැකි තරම්ය.

වයාග්‍රා නොහොත් පච වන්සගේ (ලක්‍ෂ 6 පුටු වන්සගේ) දිය යටින් ගින්දර ගෙන යෑම

ඌව දේශපාලන කරළිය මෙලෙස දිගහැරෙමින් තිබියදී, සුපුරුදු පරිදි වයාග්‍රා නොහොත් පච වන්ස සිය සුපුරුදු දේශපාලන නූල් සූත්තර ටික ඇදීමට පටන්ගෙන තිබෙන බවටද විශ්වාසනීය ආරංචි මාර්ග පවසයි. යෝෂිත රාජපක්ෂගේ හදිසි කැඳවීමට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආශිර්වාදයද හිමිවීමත් සමග දැඩි ලෙස කලබලයට පත්ව සිටින්නේ සුකරවංස හෙවත් විමල් විරවංශගේ නූගත් මොට්ට අභ්‍යන්තර දේශපාලන රැල සහ ඔහුත් බව වැඩිදුර වාර්තාවන් පවසයි. මෙවර කොළඹ,ගම්පහ,කළුතර ඇතුලු දිස්ත්‍රික් ගණනාවක විමල් විරවංශගේ කණ්ඩායම් ඇතුල් කලද බලාපොරොත්තුවන පරිදි ජයග්‍රහණයක් කරා ගමන් කිරීමට තරම් එම දිස්ත්‍රික්ක වල හැකියාවක් සූකරවංසගෙ කණ්ඩායමට නොමැති හෙයින් සූකරවංස ඔහුගේ බත් බැලයෙකුවන මොහොමඩ් මුසාමිල්ව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් කිරීමට පිඹුරුපත් සකසමින් තිබෙන බවටද වැඩිදුර වාර්තාවන් පවසයි. සුපුරුදු පරිදි ගොඩවැඩිකරගැනීමට දක්ෂ සූකරවංස (පවුලට රජයේ ගෙවල් නොමිලේ ලබාදීම) බදුල්ල දිස්ත්‍රික්කයේ තමන්ගේ මන්ත්‍රී ගොඩ වැඩි කර ගැනිම සදහා (රටේ වෙන දිස්ත්‍රික්කයන්වල තමන්ට පිළිගැනීමක් නොමැතිබව මැනවින් දන්නා පචවන්ස) දැනටමත් ඉතා සියුම් මෙහෙයුමක් දියත් කර තිබිම ඊට හේතු කාරකය ලෙසට අප මෙහිදී සටහනක් තබමු. එම නිසා මජර විමල් පිලේ ඔහුවැනිම තවත් දේශපාලන අනාථයකු පමණක් නොව
රාජපක්‍ෂ කුරහන් සාටකයේ කොනක එල්ලී සිටින මොහොමඩ් මුසාමිල් නැමැත්තාව බදුල්ලෙන් ඉදිරිපත් කිරිමට විමල් කටයුතු සිදුකරමින් සිට තිබේ. අගමැති පුත් යෝෂිත රාජපක්‍ෂ කැදවිමත් සමග එම අවස්ථාවද විමල්ගෙන් ගිලිහී යමින් තිබෙන බැවින් ඌවෙත් රාජපක්ෂලාම බලය තහවුරු කර ගැනිම සිදුකරනු ඇති බව සූකරවංස දැඩිලෙස විශ්වාස කරමින් සිටී. එමගින් රටම රාජපක්‍ෂ ග්‍රහණයට නතුවීම කිසිවෙකුට වැළක්විය නොහැකි පරම සත්‍යයක් බවට පත්වනු ඇත.

මේ වනවිටත් යෝෂිත රාජපක්‍ෂගේ ඌවෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙන කුළුඳුල් දේශපාලන ගමන කඩාකප්පල් කිරිම සදහා සූකරවංස දැඩි කුමන්ත්‍රණයක නියැලෙමින් සිටින අතර ඒ සදහා ඌවේ බලය සහිත හිටපු ඌව මහාමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුලු දේශපාලන බල කඳවුර ඇවිස්සීම සඳහා සිය වෙබ් ජඩමාධ්‍ය මඩ බලකාය සීරුවෙන් තබා තිබෙන බවත් මේ වනවිට අනාවරණය වි තිබේ.