FAST NEWS

24×7 Around the Globe

මාලි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22 ක් මරුට

(ෆාස්ට් නිව්ස් | මාලි) – මධ්‍යම මාලිහි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මාලි හි ඔගොසාගෝ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවත් අදාල ප්‍රහාර හේතුවෙන් එම ගම්මානයේ නිවාස රැසක් විනාශ වී ඇති බවත් වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ වනතුරු ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය.