FAST NEWS

24×7 Around the Globe

එජාප නායකයා මන්ත්‍රී රංජන් බලන්න හිරගෙට ගියේ ඇයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක එජාප නායක,බැලීමට ඊයේ (13) හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගොස් තිබේ.

ඔහු සමඟ ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්‍ඩායමද  නව මැගසින් බන්ධනාගාරයට ගිය බව වාර්තාවේ.

මේ වන විට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා P සිර මැදිරියේ රඳවා සිටින්නේ ජෙලර්වරයකු බාරයේ දැඩි ආරක්ෂාව මධ්‍යයේය.

ඒ අනුව ඔහු අමුත්තන්ගේ විශේෂ කාමරයට කැඳවාගෙන ඒමෙන් පසුව එජාප නායකයා ඇතුළු පිරිස ඔහු හමුවීඇත.

මන්ත්‍රීවරයා රිමාන්ඩ් ගත කළ පසුගිය 15 වන දිනෙන් පසු මන්ත්‍රීවරුන් කණ්‍ඩායමක් ඔහු බැලීමට පැමිණ ඇත්තේ ඊයේ ප්‍රථම වතාවට බවද වාර්තා විය.