FAST NEWS

24×7 Around the Globe

මාස ගණනක් පුරා පැතිරෙන ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගිය මාස කීපය පුරාවට ඕස්ට්‍රේලියාවේ – නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය මාස කිහිපය පුරා අඛන්ඩව පැතිර ගිය ලැව් ගිනි මේ වනවිට නිමා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

පසුගිය සති අන්තයේදී පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ගින්න නිවීගොස් ඇති අතර , එම වර්ෂාපතනය වසර 30 ක කාලයක් තුළ ඕස්ට්‍රේලියාවට බලපෑ වැඩිම වර්ෂාපතනය බවත් වාර්තා විය.

ලැව් ගින්න හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාර මිලියන 11 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, එය එංගලන්තයේ මුළු භූමි ප්‍රමාණයට සමාන බවයි විදෙස් වාර්තා අනාවරණය කරයි.