(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හොංකොං රාජ්‍යයේ සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානියා වන මහාචාර්ය Gabriel Leung විසින් , පාලනය කිරිමට දරන ක්‍රමවේදයන් අපොහොසත් වුවහොත් ලෝක ජනගහණයෙන් සියයට 60 කට නව කොරෝනා හෙවත් කොවිඩ් – නයින්ටීන් වෛරසය වැළදීමේ අවධානමක් ඇති බව අනතුරු අඟවා තිබේ.
මෙහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොවිඩ් – නයින්ටීන් වෛරසය වැලදීමෙන් මියගිය සංඛ්‍යාව රෝගයට ගොදුරුවී ඇති පිරිස හා සැසදීමේදී සියයට එකක අගයක් සේ පෙනුනත් මින් ඇතිවිය හැකි තත්ත්වය ඉතා බරපතල බවයි.
වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමට ලොවපුරා රටවල් විවිධ ක්‍රම යොදා ගනු ලැබුවත් අයිස් කන්දක් වගේ වෛරසයේ අපිට පෙන්නේ ජලයෙන් මතුපිට පෙනෙන කොටස පමණක් බවත් නොපෙනෙන කොටස ඉතා භයානක විට හැකි බවත් මෙම වෛරසය නොනවතින රැල්ලක් මෙන් ලොවපුරා පැතිරී යා හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
එමෙන්ම චීනය තම රටේ වෛරසයට ගොදුරුවූ පිරිස හා මියගිය සංඛ්‍යාවන් සම්බ්න්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදීම සිදුකිරීමක් නොකිරීමද එක්තරා ආකාරයේ ගැටළු සහගත තත්ත්වයක් මහාචාර්ය වරයා පෙන්වා දෙයි.
වෛරසය ආසාධිත වූ පුද්ගලයින්ට නියමිත පරික්ෂණ සිදුකිරිමට අවශ්‍ය වෛද්‍ය කට්ටල හිඟ කම නිසා රෝගීන් විශාල පිරිසක් ජිවිතක්ෂයට පත්වන බව චීනයේ හුබෙයි ප්‍රාන්තයේ රෝහලක සේවය කරනු ලබන වෛද්‍යවරයෙක් ප්‍රකාශ කර තිබේ.
කොවිඩ් – නයින්ටීන් වෛරසය වැළදීමෙන් පසුගිය පැය කිහිපය තුළ පමණක් මියගිය සංඛ්‍යාව 242 කින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.









