FAST NEWS

24×7 Around the Globe

දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනය වන ආර්ථික අතර තෙවැනි තැනට ශ්‍රී ලංකාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනය වන ආර්ථික අතර තෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව ලෝක බැංකුවේ නවතම පුරෝකථනයන්ට අනුව සඳහන් වෙයි. 

2020 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3% ක් ලෙසින් දක්වා ඇති අතර 2019 වසරේ දී මෙම අගය වාර්තා වී ඇත්තේ 2.7% ක් වශයෙනි.

මෙම පුරෝකථනයන්ට අනුව බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින හා ඉන්දියාව, ශ්‍රී ලංකාවට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගන්නා රටවල් බවට හඳුන්වා ඇත.

මෙහිදී 7.2% ක ඉහළම ආර්ථික වර්ධන වේගයක් පුරෝකථනය කර ඇත්තේ බංග්ලාදේශයෙනි.

දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනව වන ආර්ථිකය බවට හඳුනාගෙන ඇත්තේ පාකිස්තානයයි. එය 2.4 ක් වේ.