FAST NEWS

24×7 Around the Globe

අඟහරු මත ජලය.ජීවින් සිටීදැයි මෙහෙයුමක්..

අඟහරු ග්‍රහයා මත නොමිදුණු ජලය ඇත්දැයි වසර ගණනක සිට මිනිසා උනන්දු වූ අතර නාසා ආයතනය ලබාගෙන ඇති නවතම චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව අඟහරු ග්‍රහයා මත දියරමය තත්ත්වයේ ඇති ජලය පවතින බව තහවුරු වන බව එම ආයතනය ප්‍රකාශ කොට තිබේ.

අඟහරු පෘෂ්ඨයේ ඇති අගාධ තුළට නෙරා ගිය ඉරි වැනි සලකුණු, ලවණමය දියර ගලා යාම නිසා ඇති වුනු සලකුණු බවටයි නාසා විද්‍යාඥයන් සැක පහළ කරන්නේ.

ලවණ දිය වීමේදී ඒවා ආගාධ තුළට ගලා යන බවත් මේ නිසා එහි සරල ජීවීන් සිටීමේ ඉඩකඩ තව දුරටත් තහවුරු වන බවත් වොෂින්ටන් නුවර පැවති සම්මන්ත්‍රණයක දී නාසා ආයතනය ප්‍රකාශ කළේ ය.

අඟහරු පෘෂ්ඨය මත දියරයක් ඇති බව පෙනී යාමෙන් අඟහරු මත ජීවයක් පැවතීමට ඉඩකඩ ඇති බව නාසා විද්‍යාඥයින් පවසන අතර ඉදිරි කාලයේ දී අඟහරු මත ගොඩ බැස ජීවීන් සිටියි දැයි සිදු කිරීමට සැළසුම් කර ඇති ගවේශණවලට මෙම නවතම සොයාගැනීම පහසුවක් වනු ඇතැයි නාසා ආයතනය වැඩ්දුරටත් පවසයි.


මේ අතර අඟහරු මත දියරමය ජලය ඇතැයි තහවුරුවීමත් සමඟ ඒ වෙනුවෙන් ගූගල් සෙවුම් වෙබ් අඩවිය තම ලාංඡනය පහත ආකාරයෙන් වෙනස් කොට තිබිණ.