FAST NEWS

24×7 Around the Globe

පැය 24ක් තුළ කොරෝනා මරණ 100 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරොනා වෛරස ආසාදනයෙන් මියයන පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතී.

මේ අනුව විදෙස් වාර්තා පවසන්නේ ගෙවුණු පැය 24 තුළ, පුද්ගල මරණ 103ක් වාර්තා වී ඇති බවයි.

මෙම මරණ සියල්ල වාර්තාවී ඇත්තේ චීනයේ හුබෙයි පළාතෙන් පමණි.

වෛරස ව්‍යාප්තියේ ආරම්භයත් සමග පැය 24 තුළ වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව මෙය බව වාර්තාවේ.

මේ අතර වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 42, 200ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව කොරෝනා ආසදනය හේතුවෙන් චීනයේ පමණක් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1 011කි.

කෙසේ නමුත් වෛරසයේ ව්‍යාප්තිය 20%කින් පමණ අඩු වී ඇති බව චීන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.