බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු පිල් සිමන්ස් එම ධුරයෙන් ඉවත්කර තිබෙනවා.
එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය පැවසුවේ ශී‍්‍ර ලංකා සංචාරයට එක්වන කොදෙව් එක්දින කණ්ඩායම පිළිබඳ ඔහු විවේචන එල්ල කි්රීම මෙම ඉවත් කිරීමට හේතු වී ඇති බවයි.
කොදෙව් තේරීම් කමිටුව කළ මෙම තේරීම් සම්බන්ධව මාධ්‍ය ඔස්සේ පිල් සිමන්ස් දැඩි විවේචන එල්ල කළා.
කිරන් පොලාර්ඞ්, ඞ්වේයින් බ‍්‍රාවෝ යන අත්දැකිම් බහුල කී‍්‍රඩකයින් කොදෙව් එක්දින කණ්ඩායමට ඇතුළත් නොකිරීම පිල් සිමන්ස්ගේ දැඩි අප‍්‍රසාදයට ලක්ව තිබෙනවා.
පිල් සිමන්ස් ඉවත් කිරීමත් සමග හිටපු වේග පන්දු යවන්නෙකු වන එඞ්ලයින් බැප්ටිස්ට් වැඩබලන පුහුණුකරු ධුරයට පත් කළ බවයි කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලය පැවසුවේ.
ශී‍්‍ර ලංකා සංචාරයට එක්වන කොදෙව් කණ්ඩායම ලබන මස මුලදී දිවයිනට පැමිණෙනවා. එ් ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග 3කට සහ පන්දුවාර විස්ස තරග දෙකකට සහභාගිවීම සඳහායි.
කොදෙව් – ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ඔක්තෝබර් මස 14 වැනිදා ගාල්ල කී‍්‍රඩාංගණයේදී ආරම්භ වනවා.






