FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගයෙන් මිය ගිය ගණන 909 ඉක්මවයි.

(ෆාස්ට් නිව්ස් |චීනය) – කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 910 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ වන විට ලොව පුරා මෙම රෝගයෙන් ආසාධිවූ ගණන මේ වනවිට 40,234 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වේ.

චිනයේ හුබෙයි ප්‍රාන්තයෙන් නව ආසාධිතයන් 2618 දෙනෙකු ඊයේ(09) සොයා ගෙන තිබේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අද(10) චීනය බලා පිටත්ව යාමට නියමිතයි.