FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසය ගැන හෙළි කළ වෛද්‍යවරයා මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව කොරෝනා වෛරසයෙන් ඊයේ දිනයේදී තවත් පුද්ගලයන් 71දෙනෙක් මියගොස් තිබේ.

ඒ අනුව මේ වන විට වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 636කි.

විදෙස් වාර්තා සඳහන් කළේ වෛරසය ආසාදිතයන් ගණන 31,000 ඉක්මවන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර කොරෝනා වෛරසය පැතිර යන බවට පළමුවෙන්ම ලොවට අනතුරු ඇඟවීමට උත්සහ කළ චීන ජාතික වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මියගොස් තිබේ.

ඒ අදාළ වෛරසය ආසාදනයවීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදීය.