FAST NEWS

24×7 Around the Globe

දෝශාභියෝගයෙන් ජනපති ට්‍රම්ප්ට ජය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෝශාභියෝග චෝදනාවලින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිදොස් කොට නිදහස් වෙයි.

මේ සම්බන්ධයෙන් ඊයේ(05) සෙනෙට් සභාවේ පැවති ඡන්ද විමසීමෙන් 53 ට 47 ක් ලෙස ජනාධිපතිවරයා ජය ගත්තේය.

බලය අයුතු ලෙස භාවිතය සහ කොංග්‍රසයේ කටයුතුවලට බලපෑම් කිරීම යන චෝදනා යටතේයි ට්‍රම්ප් මහතාට එරෙහිව මෙම දෝශාභියෝග චෝදනා විභාගය සිදුකෙරුණි.

මෙය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලැබූ සුවිශේෂී ජයක් බවත් එමගින් ලබන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට කිසිදු බාධාවකින් තොරව ඉදිරිපත්වීමට ඔහුට ඉඩකඩ සැළසෙන බවත් දේශපාලන විචාරායින් පෙන්වා දෙයි.